Colombo Today Local News

වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩි

යාපනයේ කර්වේලී ප්‍රදේශයේ අනවසරයෙන් වැලි කපා ටැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසකගේ ටැක්ටරයට යුද හමුදා හට පිරිසක් විසින් වෙඩි තබා රියදුරු ඊයේ (25)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ස්ථානයේ අනවසරයෙන් වැලිකපන බවට ලද තොරතුරක් මත යුද හමුදාව එහි යන විට වැලි කපා ටැක්ටරයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිට ඇතග
වැලි රැගෙන යන පිරිසට නවතින ලෙස යුද හමුදාව නියෝග කොට ඇතත් වැලි පටවා ගත් ටැක්ටරය නොනවත්වාම ධාවනය කරවීම නිසා ටැක්ටරයට වෙඩි තබා එය නතර කරගෙන ඇත.

මේ අවස්ථාවේදී ටැක්ටරයේ රියදුරු යුද හමුදාවට බාර වී ඇති අතර අනෙක් පිරිස ටැක්ටරයෙන් පැන කැළයකට පලා ගොස් තිබේ.

Related posts

ඉහළම තැනක උවමනාවට රෝස පාට නෙළුම කොල පාටින් පිපේ !!

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

colombotoday

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin