Colombo Today Local News

මැති සබේදී වයසක මනමාල ඇමතිලාගෙන් මන්ත්‍රීවරියන්ට ලිංගික හිරිහැර !

naaki manamalayoපාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනකුට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමග සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළදී ඉතා විනය ගරුකව හැසිරෙන ලෙසට රජයේ ඉහළම බලධාරීන් සහ දේශපාලන පක්ෂ මගින් අවවාද කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ මෙන්ම වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් මන්ත්‍රීවරියන් කිහිප දෙනකු අසීරුතාවට පත්වන ආකාරයෙන් යම් යම් කටයුතු සහ කරන ලද ප්‍රකාශ පිළිබඳව පාර්ලිමේන්තුවේ බලධාරීන් වෙත කරන ලද පැමිණිලිවලින් පසුව මෙම පියවර ගෙන ඇති බවද මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ අනුව එක්තරා තරුණ මන්ත්‍රීවරියක් සඳහන් කර ඇත්තේ ඉතා වයෝවෘද්ධ මන්ත්‍රීවරයකු තමන්ගේ අත නිරන්තරයෙන් ඇල්ලීමට උත්සාහ කරන බවත් අදාළ මන්ත්‍රීවරයා පසුකර යන සෑම අවස්ථාවකදීම ඔහු තමන්ට අත දිගු කර අතට අත දී ආචාර කිරීමට දැඩි උනන්දුවක් දක්වන බවත්ය.

එමෙන්ම තවත් මන්ත්‍රීවරියන් කිහිපදෙනකුම මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සිදුවන හිංසන පිළිබඳව පැමිණිලි කර ඇති අතර ඔවුන් ඉතා අසභ්‍ය ලෙස එම මන්ත්‍රීවරියන්ගේ අඟපසඟ පිළිබඳ විහිළු කරන බවද එම මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටදී මෙම පිරිස් උසුළු විසුළු කරන බවද සඳහන්ය.

හැත්තෑපස් හැවිරිදි අමාත්‍යවරයකු ඉකුත් 12දා පාර්ලිමේන්තු පුස්තකාලය අසලදී මන්ත්‍රීවරියකට ඉතා අසභ්‍ය ලෙස විහිළු කිරීමත් සමග එම මන්ත්‍රීවරිය දැඩි ලෙස කෝපයට පත්වූ බවද සඳහන් වේ.

කෙසේ වෙතත් තරුණ මන්ත්‍රීවරුන් ඉතා විනයගරුකව පාර්ලිමේන්තුවේ හැසිරෙන බවද ඒ අනුව වයස්ගත මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව තරුණ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම යහපත් මට්ටමින් පැවතීම ගැනද මෙම මන්ත්‍රීවරියන් ප්‍රශංසා කර තිබේ.

ප්‍රසාද් ගුණවර්ධන
– රිවිර

Related posts

“මහින්දගේ බොළද කතා පෙන්වන්න එපා.. වැඩක් ඇති දෙයක් පෙන්වන්න” හිරුණිකාගෙන් මාධ්‍යයට පණිවිඩයක්

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

සෙනසුරු මාරුවෙයි.. ජනපතිගේ මාරක අනාවැකියත් මාරු වෙයි !

colombotoday