Colombo Today Local News

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කරගැනීමට නොහැකිව වරාය තුළ සිරවී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා අද (16)දින එකඟ වී තිබේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩොලර් මිලියන 25 නිදහස් කිරීමේ කටයුතු හෙට (17) සිට ආරම්භ කිරීමට එකඟ වී ඇත.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර ඊයේ වෙළද අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාව අතරතුරදී අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගනිමින් ඩොලර් මිලියන 25 ලබාගැනීමට කටයුතු කළේය.

එම සාකච්ඡාවට සහභාගි වූ ආනයනකරුවකු පැවසුවේ අමාත්‍යවරයා මැදිහත්වී ඩොලර් නිදහස් කිරීමට මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලීමක් කළ බවත් එම ඩොලර් ප්‍රමාණය ඉක්මනින් ලැබුනහොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ අවස්ථාව ඇති බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් පරිප්පු සීනි අර්තාපල් සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් දහසකට අධික ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බවත් හැකි ඉක්මනින් ඩොලර් නිදහස් කළහොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ හැකියාව ලැබෙන බවත් එම ප්‍රධාන ආනයන කරුවන් දුරටත් කීය.

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

ඉන්දන මිල ඉහල දමනවාද? ඇමති ගම්මන්පිල බලාපොරොත්තු වන දේ..

colombotoday

“දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීම මගේ සිහිනයක්” – සජිත් පේමදාස

colombotoday

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

Admin