Colombo Today Local News

අසාත් සාලි එරෙහිව පැමිණිලි කළ මන්ත්‍රීවරුන්ට නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පෙබරවාරි මස 21 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02)දින නොතීසි නිකුත් කළේය.

අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කර තිබේ.

අසාත් සාලි මහතා නිදොස් කොට නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සලකා බැලීම සඳහා නඩුව පෙබරවාරි මස 21 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මොහොමඩ් මුසම්මිල් ඇතුළු පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා වෙත නොතීසි නිකුත් කළේය.

Related posts

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

colombotoday

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

පාරිභෝගිකයන් අමාරුවේ දැම්මාට “ඩයලොග්ට” ලෙඩක් වැටෙයි.. වන්දි නොගෙවුවොත් නඩු !!

colombotoday

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

colombotoday

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

colombotoday