Colombo Today Local News

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

දඹුල්ල රජමහා විහාරය ආශ්‍රිතිව දඹුල්ල ජුජානගරය ඉදිකිරිම ආරම්භවුයේ 1982 වසරේදිය. එය ඉතාමත් හෙමින් සිදු වූ අතර එහි නගර සැලසුම විටින් විට වෙනස් විය . දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශය 1982 වසර වන විට ජනාකිර්ණව වු පැවැති අතර දඹුල්ල නගරයේ සතිපොලද පවත්වාගෙන යන ලද්දේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේය. පුජා භුමිසංවර්ධනය සමගම දඹුල්ල නව නගර සැලසුමද ආරම්භකලද එයද විටින් විට වෙනස් කරමින් පැවැතියේය. මෙ පුජානගර සැලසුම නිසාවෙන් දඹුල්ල ගලවටේ සිටි බොහෝ නිවාස ව්‍යාපාරික ස්ථාන ඉවත් කල අතර බෝහෝ නිවැසියන්ට නිසි ප්‍රමිතියෙන් යුතු නිවාස නිමු නොවු බව පැවසේ.

මෙම පුජා නගරය ඉදිකිරිම අතර මග නැවැති තිබියදි 2012 වසරේදි නැවත ආරම්භ කළ අතර නිසි වන්දි හා ස්ථාන නොලැබුණ පිරිස් තවමත් එම ස්ථාන වලින් ඉවත් නොවි සිටිති. මේ අතර 2012 වසරේදි ද ඉන් පෙරද අවතැන් වු ජනයාට බෙදා දිමට හා පුජා නගර රථගාල විශ්‍රාම ශාලා ඉදිකිරිමට යොජිත පොල්වත්ත හෙවත් පරණ පොල ඉඩම මෑතක සිට කොටස් කර විකිණිමට සැලසුම් කර තිබේන ආකාරය දැක ගත හැකිවිය . මේ පිලිබදව දඹුල්ල නාගරික කොමසාරිස් වරියගෙන් කල විමසිමේදි ඇය ප්‍රකාශ කර සිටියේ මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය මගින් විකිණිමට අනුමත කර ඇති බවද රජයේ නව සැලසුම් අනුව පර්චස් 40 ට වැඩි ඉඩම් කොටස් කර විකිණිම නාගරික සංවර්ධන අදිකාරිය සිදු කරණ බැවින් ඔවුනගෙන් විමසන ලෙසයි.

මේ පිලිබදව දඹුල්ල නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසිමේදි කියා සිටියේ මෙම ඉඩම නැවැත ඉඩම් හිමියන් වෙත ලබා දි ඇති බැවින් ඔහු විසින් ඉඩම වෙනත් පුද්ගලයකුට විකුණා ඇති බවද ඔවුන් මෙම ඉඩම කොටස් කරණ බවයි.

කෙසේ වුවද 2012 වසරේදි මෙන්ම 2015 වසරේදිද මෙම බුමිය අවතැන් වුවන්ට බෙදා දිමට කටයුතු කරමින් සිටියදි නිලධාරින් හා දේශපාලකයින් කබ ඇදිම නිසා නැවතිනි. කොටසකගේ සම්පුර්ණ දේපල අහිමිකරමින් පුජා නගරය ඉදිකොට ආසන්න ඉඩම් නැවත ඔව්නට පවරා කොටස් කර විකිණිම ජන අයින් අමු අමුවේ උල්ලන්ගනය කිරිමක් බව අවතැන් ජනතාව පවසති. ඒ අතර මෙම ඉඩම් පර්චසය රුපියල් ලක්ෂ 5ත් 6යත් අතර මුදලකට අලෙවිකරණ බවද ජනතාව පවසයි. මේ පිලිබදව ජනතාව සිය අප්‍රසාද පලකරිමින් මෙම ඉඩම් විකිණිම නවතා අවතැන් ජනතාවට ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි.

මහින්ද උදයසිරි
– දඹුල්ල

Related posts

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි !

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

ශරියා විශ්වවිද්‍යාලයට අරමුදල් දුන් “පික් මී“ කුලී රථ සේවයට විරෝධයක් (Video)

colombotoday