Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයෙන් සිටි රියාජ් බදියුදීන් මුදාහැරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)දින නියෝග කර තිබේ.

මෙලෙස ඔහු නිදහස් කර ඇත්තේ දැඩි කොන්දේසි මතයි.

රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටියේය.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය කර ඇත.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව, පෙත්සම්කරු රැඳවුම් භාරයෙන් මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුට කොළඹ නගර සීමාවෙන් පිටතට යාම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම සෑම මසකම පළමුවන සහ තුන්වන ඉරිදා දිනයන්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළයුතු බවත් විදේශගත වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 (1) වගන්තිය යටතේ මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද එම නියෝගයේ සඳහන් වේ.

අනතුරුව පෙත්සම ලබන වසරේ මැයි මස 10 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

Related posts

මෛත්‍රි-රනිල් චන්ද්‍රිකා-ජවිපෙ ටීඑන්ඒ එකතු වී සිංහල බෞද්ධ රට විනාශ කරන්න හදනවා

colombotoday

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday

බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් අවසර ඉල්ලයි

colombotoday