World

ජාකර්තා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් වැලක්.. ISIS ප්‍රහාරයක්ද සැකයක්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බෝම්බ පිපිරීම් කිහිපයක් හා වෙඩි හුමවාරුවක් සිදුවිය.

විදෙස් වාර්තා පැවසුවේ අද පෙරවරුවේ සිදුවූ මෙම පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි. ඉන්දුනීසියානු මාධ්‍යය වාර්තා පවසන්නේ පිපිරීම් හයක් සිදුව ඇති බවයි.

එක් පිපිරීමක් ස්ටාර්බක්ස් අවන්හල තුළ සිදුව ඇති අතර, මෙම පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ජනාධිපති මන්දිරය සහ එක්සත් ජාතීන්ගේ කාර්යාල ආසන්නයේ මෙම පිපිරීම් සිදුව ඇති බව ය.

අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ඉන්දුනීසියාව වෙත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු අඟවා තිබුණු බැවින් මෙය ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකි බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සිදු වූ බෝම්බ පිපිරීම්වලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව එරට තානාපති කාර්යාලය පවසයි.

Related posts

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

colombotoday

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

colombotoday

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

colombotoday