Colombo Today Local News

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා පත් කරන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයෙකු පත් කර තිබේ.

අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන අනුව මෙම වසරේ ජනවාරි මස 28 වනදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබූ අතර එය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත සමරකෝන් සහ ඛේමා කුමුදුනි වික්‍රමසිංහ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් විය.

කෙසේවෙතත් මෙම කොමිෂන් සභාවෙන් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉවත් වී තිබේ.

ඒ අනුව පුරප්පාඩු වූ එම සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසි මහේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Related posts

නීතිවිරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

මහින්දානන්දට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂම පැවරූ නඩුව කැඳවයි.

Admin

සජබයේ තරුණයන් පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට

Admin

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

ඥානසාර හිමි කිවුව දේවල් සනාථ වුනා. වහාම නිදහස් විය යුතුයි – පා.ම තිලංග සුමතිපාල මහතා පවසයි

colombotoday

උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය

colombotoday