Colombo Today Local News

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

දෙසැම්බර් මාසය වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ජනතාව සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවනු ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“රට විවෘත කරාට පස්සේ මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳිමින් කටයුතු කිරීම නිසා යම්තරමක වැඩිවීමක් මේ වෙද්දි ආසාදිතයින්ගේ සහ මරණවල පෙන්නුම් කරනවා. විශේෂයෙන් ම අපි දැක්කා පසුගිය සති අන්තය පුරාවටම මහජනතාව සෞඛ්‍ය උපදෙස් කිසිවක් පිළිනොපඳිමින් දීර්ඝ සංචාරවල නිරත වෙනවා. ඒ වගේම බීච් පාටි වැනි පාටි පවත්වලා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් රෝගය පැතිරෙන ආකාරයට කටයුතු කරනවා. ඒ නිසා ඉදිරි සති දෙකෙන් පස්සේ, තවදුරටත් රෝගීන් වැඩිවීමට නියමිතයි මේ පැවතුන තත්ත්වය මත. ඒ වගේම දැනට එන්නත් ආවරණය යම් ප්‍රමාණයකට තියෙන නිසා රෝගීන් සංඛ්‍යාව මරණ කරා ගෙනයෑම යම් තරමකට අවම වෙයි. නමුත් පොකුරු වර්ධනය වෙලා රෝගීන් සංඛ්‍යාව දෙසැම්බර් මාසය වෙද්දි වර්ධනය වීමේ වැඩි හැකියාවක් තියෙනවා. මේ වෙද්දි මුහුණු ආවරණ පැලඳීම, ඒ වගේම අනෙකුත් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම ඉතාම දුර්වල මට්ටමේ රට තුළ පවතින්නේ. මේ කාලය ගෙවපු ආකාරයට දෙසැම්බර් මාසයේ අනිවාර්යයෙන් ම රෝගීන් වැඩිවෙනවා. ඒ එක්කම දෙසැම්බර් උත්සව සමයත් ගතකරන්න ගත්තොත් ඉදිරි වසරත් අපිට ගෙවන්න වෙන්නේ ව්‍යවසනයක් එක්ක තමයි.”

Related posts

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

colombotoday

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

පුදුකුඩියිරුප්පු හි රිය අනතුරකින් තරුණයෙක් මරුට

colombotoday

හිරුණිකා අත්අඩංගුවට ගනී.. අදම උසාවියට ඉදිරිපත් කරයි

colombotoday