දැනට පනවා ඇති කොරෝනා පාලන නීති සමාලෝචනය සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)දින රැස්වේ.
අද දිනයේ යම් යම් සිමා ලිහිල් කළ ද ජනතාව තවදුරටත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර ඊයේ තවත් කොරෝනා මරණ 21 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,429 ක් දක්වා ඉහළ ගියේ ය.
සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 529,755 ක් ලෙසයි.