World

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බවත් තෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් වර්ගයක් ලබාදීම සම්බන්ධයෙන්ද සලකාබැලිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් වෛරසය අඩපණ කර නිෂ්පාදනය කරන අතර, ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවනු ලබන්නේ වෛරසයේ ක්‍රොමසෝම ආකෘතිය යොදා ගනිමිනි.

එලෙස වෛරසය අඩපණ කර එන්නත් ලැබූවන්ට ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ වැනි ක්‍රොමසෝම එන්නතක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දී ඇත.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් අවශ්‍ය නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Related posts

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday

පිලිපීනයට ඇගිළි ගහන්න ආ මානව හිමිකම් හුසේන්ට, ජනපති තිත්ත කුණුහරුපෙන් බැණවදී (Video)

colombotoday

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday