Colombo Today Local News

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

avg

නාවික හමුදාවෙන් රුපියල් බිලියන දෙකයි දශම පහක් (2.5) අලාභයක් ඉල්ලා නාවික හමුදාපතිට එන්තරවාසියක් යැවීමට ඇවන්ගාඩ් සමාගම සිය නීතිඥවරු මඟින් ක්‍රියාකර තිබෙන බව ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ජනාධිපති කොමිසම හමුවේ ඉකුත් 08 වැනිදා අනාවරණය කර ඇත.

තවද එම එන්තරවාසියේ පිටපත නීතිපතිවරයා වෙතට යවා තිබෙන බවත් ජනාධිපති නීතිඥ සොයිසා මහතා හෙළිකර තිබේ.

ඊට අමතරව, රක්නා ලංකා සමාගමෙන් අමෙරිකා ඩොලර් බිලියන දොළහක් ඉල්ලා සිංගප්පූරුවේ බේරුම්කාර මණ්ඩලයක් වෙතටද අදාළ ක්‍රියාමාර්ග ගැනීම පවරා තිබෙන බවත් ජනාධිපති කොමිසම හමුවේ ඒ මහතා ප්‍රකාශ කළේය.

කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සිටි රියර් අද්මිරාල් නීල් ජූඩ් රොසයිරෝ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසමින් ජනාධිපති නීතිඥ කුවේරා මහතා මෙම අනාවරණය කොමිසම හමුවේ අවධාරණය කළේය.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

Admin

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday