Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ඉල්ලයි !

nasaristan33ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ වූ ඒ.එච්.එම් අෂ්රෆ්ගේ “නැගෙනහිර වෙනම මුස්ලිම් රාජ්‍ය“ යෝජනාවලිය පාදක කරගෙන නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිර පළාතට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ලබා ගැනීමේ යෝජනාවලියක් සකස් කර රජයට භාර දීමට මුස්ලිම් දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

නැගෙනහිර උදානය නම් සංවිධානය මෙහෙයවීමෙන් මෙම යෝජනාවලිය සකස්‌ කරන අතර ඒ සඳහා ඇමැති රිෂාඩ් බදියුදීන් හා ඒ. එල්. එම්. අතාවුල්ලාගේ දේශපාලන පක්‌ෂ ද මුස්‌ලිම් කොංග්‍රසයේ අෂ්රොෆ් පාර්ශ්වය ද එක්‌වන බව නැගෙනහිර උදානය සංවිධානයේ නියෝජ්‍ය නායක අලිසබ්‍රි පවසයි.

oluvil-statementමේ පිළිබඳව මූලික එකඟතාවකට සියලු පක්‌ෂ පැමිණ ඇති අතර ඉදිරියේදී තවත් තීරණාත්මක සාකච්ඡාවක්‌ පැවැත්වේ. ඉන්පසුව යෝජනාවලිය ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා ආණ්‌ඩුවට භාරදීමට නියමිතය.

ඒ.එච්.එම් අෂ්රොෆ් ගේ මූලිකත්වයෙන් එවකට රජයේ මුදලින් “නැගෙනහිර මුස්ලිම් උරුමය“ නමින් ප්‍රබන්ධ කරන ලද ව්‍යාජ ඉතිහාසයක් පදනම් කරගෙන 2004 ජනවාරි 29 වැනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේදී කුප්‍රකට “ඔලුවිල් ප්‍රකාශය“ එළිදක්වන ලදි. නැගෙනහිර පළාත මෙරට මුස්ලිම් ජනතාවගේ සාම්ප්‍රධායික නිජබිම බවත්, වෙනම මුස්ලිම් රාජ්‍යයක් සදහා මුස්ලිම් ජනතාවට ස්වයංනීර්ණ අයිතිය ලැබිය යුතුබවත් එමගින් ප්‍රකාශයට පත්කර තිබිණි.

නැගෙනහිර වෙනම මුස්ලිම් රාජ්‍යක් ගොඩනැගීම සදහා අෂ්රෝෆ් විසින් මූලික සංකල්පය ගනු ලැබුවේ, ඉන්දියාව දෙකඩ කර පාකිස්ථානය නමින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් බිහි කිරීමට මූලික වූ ඉන්දියානු මුස්ලිම් ලීගයේ අබ්දුල් රහ්මන් අලි චෞද්රී විසින් 1933 දී එළි දක්වන ලද දකුණු ආසියාව කේන්ද්‍රකරගත් ඒකාබද්ධ ෆෙඩරල් රාජ්‍යය “පාකිස්ථානු කොන්ෆෙඩරේෂනය”ගොඩනැගීම සදහා වූ යෝජනාවලියෙනි. ඉන්දියානු මහද්වීපයේ ප්‍රදේශ අටක් සහ ශ්‍රී ලංකාවේ වයඹ වෙරළ කළාපයේ “සෆිස්ථානය“ සහ නැගෙනහිර “සපරිස්ථානය“ නමින් මුස්ලිම් රාජ්‍ය දෙකක් එම යෝජනාවට ඇතුළත් කර තිබිණි.  

dina-dependensisරහ්මන් අලි චෞද්රිගේ ෆෙඩරල් මුස්ලිම් රාජ්‍ය කිසිදු ඓතිහාසික පදනමකින් ස්ථාපිත වූවක් නොවන අතර, බහුතර වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වූ ප්‍රදේශ “මුස්ලිම් රාජ්‍ය“ ලෙස නම් කෙරිණි.  මුස්ලිම් කොංග්‍රසයේ සහ ඒ.එච්.එම්. අශ්රෝෆ්ගේ පදනම් දර්ශනය වූයේ අහ්මන් අලි චෞද්රිගේ මෙම බෙදුම්වාදී දර්ශනයයි. එය පාදක කරගනිමින් නැගෙනහිර පළාතේ ව්‍යාජ මුස්ලිම් ඉතිහාසයක් නිර්මාණය කරමින් වෙනම පරිපාලන ඒකක ඉල්ලීම් වරින් වර පැවති රජයන් වෙත ඉදිරිපත් කෙරිණි.

ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් ලියැවුණු “යාල්පාන වෛපවමාලෛ“ නම් වූ පදනම් විරහිත ඉතිහාස ග්‍රන්ථය පදනම් කරගනිමින් උතුරු නැගෙනහිර දෙමළ ඊළමක් වෙනුවෙන් ද්‍රවිඩ ජාතිවාදීන් ආයුධ අතට ගත්තා සේ, අලි චෞද්රිගේ මුස්ලිම් බෙදුම්වාදය පදනම් කරගෙන අශ්රෝෆ් විසින් ගොඩනැගූ නැගෙනහිර වෙනම මුස්ලිම් ඒකක ඉල්ලීම් හරහා යළිත් වරක් මේ රටේ සාමයට ගිනි තැබීමට ඔහුගේ වත්මන් අනුගාමිකයන්ට ඉඩ නොතැබිය යුතුය.

 

Related posts

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

colombotoday

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday

මුහුදු වෙරලේ දියනැමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

Admin

පනින්න පෙර ෆවුසිගෙන් ජනාධිපතිට ප්‍රශ්න 3ක්

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin