Business

ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය කිරිපිටි මිළත් ඉහළට

ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අද (10) වාරියපොළ දී පැවසීය.

කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම් දීමේ අරමුණින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ කීය. මෙම මාධ්‍ය හමුව සදහා මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.

අපි 2020 නොවැම්බර් මාසයේ ලංකාවට කිරිපිටි ආනයනය කරන කොට ඒ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 2985 යි. අද වනවිට ආනයනික කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3749 ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ අනුව මේ වනවිට කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 764 කින් වැඩි වෙලා. ඒ වගේම අද ලෝකයේ පවතින තත්වය අනුව අපිට ඩොලර් හිගයක් තිබෙනවා. නැව් ගාස්තු වැඩිවෙලා තියෙනවා.

මේ කාරණා එක්ක මෙරට කිරිපිටි ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කළා කිරිපිටි මිළ ඉහළ දමන්න කියලා. ඒත් එක්කම අපි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්නත් ඕනෑ. ඒ අනුව අපි කිරිපිටි වල මිළ පාලනය ඉවත් කළා.

විශේෂයෙන්ම ව්‍යාපාරිකයින් සහනදායී පසුබිමක් මත පාරිභෝගිකයින්ට කිරිපිටි ලබාදීමේ පරිසරයක් හදන්නට පාරිභෝගික කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇමතිතුමත් කටයුතු කරනවා.

අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙනවා මෙම අවස්ථාවේ දී පාරිභෝගිකයත් දේශීය කිරි නිෂ්පාදකයත් ආරක්ෂා වන අයුරින් කටයුතු කරන්න කියලා.

ඒ අනුව ලසන්ත ඇමතිතුමත් විෂය බාර අමාත්‍යවරයා ලෙස මමත් සාකච්ඡා කරලා කිරිපිටි මිළ සම්බන්ධයෙන් තීරණයකට එළැඹුනා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපේ කිරි නිෂ්පාදනය වැඩි කරන්නත් දියර කිරි වැඩි වශයෙන් ජනතාවගේ පරිභෝජනයට සපයා දීමටත් අපි අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.

Related posts

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

colombotoday

සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

Admin

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවෙයි – මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday