Colombo Today Local NewsUncategorized

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

පසුගිය මැයි 20 වැනිදා ශී‍්‍ර ලංකා ජල තීරය තුළදී ගිනිගෙන මුහුදුබත් වී ඇති එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණය කොළඹ වරාය මෙහෙයුම් කටයුතු භාර නිලධාරියාට හාබර් මාස්ටර් ඊයේ (07) නියෝග කළේය.

කොළඹ ට‍්‍රයිකෝ මැරිටයිම් පුද්ගලික සමාගම විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ අංක 1 මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය. එම නෞකාව ගිනිගැනීමට ලක්වන විට තම සමාගම ඇණවුම් කළ භාණ්ඩ තොගයක් ද ප‍්‍රවාහනය කරමින් තිබූ බවත් ඒවා විනාශයට පත්වීමෙන් තම සමාගමට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හයක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් පෙත්සම්කාර සමාගම අධිකරණයට දන්වා තිබිණි. භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් සිටියදී එලෙස යම් අනතුරක් සිදුවූ අවස්ථාවකදී ඇණවුම් කළ භාණ්ඩවල වටිනාකම ගෙවීම නැව හිමි සමාගමේ හා දේශීය නියෝජිත ආයතනයේ වගකීමක් බවත් එලෙස අලාභය ගෙවීමට නිත්‍යනුකූලව බැඳී සිටියදීත් මෙතෙක් අදාළ වන්දිය ගෙවා නොමැති බැවින් එම නැව ඉවත් කර ගැනීම වළක්වන ලෙසත් පැමිණිලිකාර සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ඩෑග් මාලික ගුණසේකර මතා පෙනීසිටියේය.

Related posts

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

ආන්නද/නාලන්ද බොදු සළකුණ මකා දැමීමේ තැතක් ! සංහිදියාව හදන්න මුස්ලිම් ගුරුවරු පත්කර එවලා..

colombotoday

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාර නියාමකයන් බඳවා ගැනීමට තීරණයක්

colombotoday