කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් සුරා සැල් හයකට මුද්‍රා තැබූ බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ කැකිරාව නගරයේ පිහිටි සුරා සැල් හතරකටත් මරදන්කඩවල හා මඩාටුගම පිහිටි සුරා සල් දෙකකටත්ය.
නිරෝධායන පනතේ බලතල ප්‍රකාරව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම සුරාසල් හයට මුද්‍රා තබා ඇතැයි කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල මහතා පවසයි.