Colombo Today Local News

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දීමට, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ බලතල පවතින බව, ජනාධිපති ලේකම්වරයා පවසයි.

ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ 05වැනි වගන්තිය ප්‍රකාරවයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට බලයක් නැතැයි විපක්ෂය ඊයේ (06)දිනපාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේ ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ, විපක්ෂය කළ අදාළ ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු බවය.

නීත්‍යානුකූල නොවන ලෙස රැස් කරගෙන ඇති වී, සහල්, සීනී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සහන මිලට ලබා දීමට කටයුතු කරන්නැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා පෙරේදා,(05)දින දිසාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

Related posts

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

colombotoday

කොරෝනා ආසදිතව මිය ගිය බිලිදාගේ නඩුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වෙයි

colombotoday

ඩිලාන් පෙරේරා ඉවතට… ශ්‍රීලනිපයට නව මාධ්‍ය ප්‍රකාශකයෙක් පත් කරයි

colombotoday

(Video) මෙතරම් පාවා දිමක් තවත් නෑ.. බලහත්කාරයෙන් සම්මතකල පනතේ භයානකකම විමල් කියයි

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday