Colombo Today Local News

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද (සැප් 02) වැනි දිනක පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසය.

පක්ෂය පිහිටුවා වසර පහක් ඇවෑමෙන් රටේ පාලන බලය ලබා ගැනීමට තරම් ප්‍රබල ජන බලවේගයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවූයේ මහජන එක්සත් පෙරමුණේද සහය ලබා ගනිමිනි.

ඒ අනුව, 1956 වසරේ සඟ ,වෙද, ගුරු, ගොවි ,කම්කරු යන පංච මහා බලවේග එක්රැස් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන ආග්‍රාමාත්‍යවරයා ලෙස අණ්ඩු බලය අත්පත් කර ගත්තේය.

ඔහුගේ පාලන සමයේදි බහු ජාතික සමාගම් යටතේ තිබූ ව්‍යාපාර හා ආර්ථික මරමස්ථාන ජනසතු කෙරුණු අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පත් කළේය.

එතැන් සිට මේ දක්වා වාමාංශික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 30කට අධික කාලයක් මෙරට රාජ්‍ය බලය හෙබවූ අතර දැනට බලය හිමි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවකරුවෙකු ලෙස ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරයි.

විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවීමෙන් පසු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බිහි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හැකි වූ අතර එම ජනාධිපතිවරුන් දෙදෙනා වසර 21ක් ධුරය හෙබවීමට සමත්විය .

ඩොමිනීයන් තත්ත්වයෙන් මිදී මෙරට ජනරජයක් බවට පත් කිරීමේ ගෞරවය හිමිවන්නේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකටයි.

එමෙන්ම ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද, වසර 41ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දුන්නාය.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70වැනි සංවත්සර සමුළුව අද දිනයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Related posts

අතුරුදන්වූවන්ගේ පනත නවත්තන්න අපටත් දෙයක් කරන්න බැරිවුණා.. කණගාටුයි – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

colombotoday

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

බෞද්ධ,කතෝලික,හිංදු දහම්පාසලේ අන්‍යාගමිකයන්ව මරන්න උගන්නන්නේ නෑ. මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා. – විමල් වීරවංශ

colombotoday

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday