Colombo Today Local News

කොවිඩ් මෘතදේහ භූමදානය කල හැකි තවත් භූමියක් තෝරා ගනී

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම්හි නව භූමියක් තෝරාගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේ ඉරක්කාමම්හි ඇති මෙම නව භූමිය අක්කර තුනක වපසරියකින් යුතු බවයි.

ඒ අනුව මෙම භූමියෙහි කොවිඩ් මෘතදේහ දෙදහස් හාරසීයක් (2400) පමණ භූමදානය කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.
අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම භූමිය මෘතදේහ භූමදානය කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික කමිටුව අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.

මේ වනවිට කොවිඩ් මෘතදේහ භූමදානය කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ඔට්ටමාවඩි සුසානභූමියේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින බවත්, තවත් මෘතදේහ තුන්සීයක පමණ ප්‍රමාණයක් පමණක් එම භූමියේ භූමදානය කිරීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඊයේ (10 වැනිදා) පෙරවරුව වනවට ඔට්ටමාවඩි සුසානභූමියේ මෘතදේහ එක්දහස් හාරසිය හැත්තෑවක් (1470) භූමදානය කර තිබේ.

එම කොවිඩ් මෘතදේහ අතර මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ එක්දහස් තුන්සිය අසූ තුනක් (1383), බෞද්ධාගමිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24), හින්දු ආගමිකයන්ගේ මෘතදේහ තිස් නවයක් (39) සහ කතෝලික භක්තිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24) වෙති.

Related posts

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

Admin

කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනයි

colombotoday

Video: ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නෑ – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday