Colombo Today Local News

වෙළෙඳසැළක ගෝනියක් ඇතුළේ කාන්තා මළ සිරුරක්

වෙළෙඳසැළක ගෝනියක් තුළ තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර පොලීසියට ලැබී තිබූ අතර මෙම සිරුර එම ගෝනිය තුළ තිබෙන බවට සැකකරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන්වීමක් පිළිබඳව ඊයේ (05)දින සවස වාලච්චේන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඇය බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගිය බව එහිදී පැමිණිලිකරු පවසා තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතරතුර වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී ඇති අතර ඉන් සඳහන් වී ඇත්තේ වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරන වෙළෙඳසැළක සැකසහිත ගෝනි දෙකක් ඇති බවය.

ඒ අනුව පොලීසිය අදාළ වෙළෙඳසැළ වෙත ගොස් එම ගෝනි දෙක පරීක්ෂා කර ඇත.

එහිදී එක් ගෝනියක පොහොර තොගයක් ද අනෙක් ගෝනියේ මියගිය කාන්තා සිරුරක් ද සොයාගෙන තිබේ.

අතුරුදන් වූ බව කියන කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර එම ත්‍රීරෝද රථයේ රියදුරු විසින් මෙම ගෝනි දෙක අදාළ වෙළෙඳසැළ වෙත ගෙනැවිත් ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව ත්‍රීරෝද රථයේ රියදුරුව ද වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

තරුණියන්ට අතවර කළ මාතලේ ලෙබ්බේ අතේ මාට්ටු වුණ හැටි (වීඩියෝ සහිතයි)

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට – සම්පුර්ණ ලැයිස්තුව

colombotoday

ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිදු කළ මහා මිනිස් සංහාරයට අදට වසර 35ක්

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදුදා කැබිනට්ටුවට

colombotoday