Covid 19

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වේ.

රෝහලේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 250 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

රට පුරා සිදුකරන පි.සි.ආර් පරීක්ෂණ ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතීයද ඊට සාපේක්ෂව දෛනිකව හදුනා ගන්නා කොවිඩ් රෝගීන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වෙමින් තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුල පසුගිය දිනවල සිදුකල ඇන්ටිජන් පරීක්ෂණවලින් වැඩි ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් වන අතර පසුගිය 22 වනදා නව කොවිඩ් වාට්ටුවක්ද ආරම්භ කිරීමට රෝහල් පරිපාලනයට සිදුවී තිබෙන බව එම සංගමය සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

කොරෝනා ආසාදිතයින් 188ක් දැඩි සත්කාරවල – 1,002ක් ඔක්සිජන් මත යැපෙන්නන්

colombotoday

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවයි

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday