Colombo Today Local News

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ලංකා www.lanka-ads.com නැමති වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කලමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (3) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට විරුද්ධව අපරාධ නීතියේ වරදවල්වලට අමතරව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම ගණිකාවන්ගේ දැන්වීම් පළකරන වෙබ් අඩවියේ හිමිකරු පානදුර ප්‍රදේශයෙ 45 හැවිරිදි පුද්ගලයෙක් ද එහි මූල්‍ය කලමනාකරු වන 43 න් හැවිරිදි අයෙක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් පුද්ගලයින් 17 දෙනෙකු පමණ දැරියට මුදලට ලබාගත් අය වෙයි.

මෙම දැරිය තවත් පුද්ගලයින් විශාල පිරිසක් මුදලට ගෙන අපයෝජනය කර ඇති බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ.

Related posts

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් වත්තලදී අත්අඩංගුවට

colombotoday

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

(VIDEO) ජනපතිට අගමැතිට ඇරෙනවනම් ඇස්කන් ඇරෙන්න බෝගස්වැවේ හාමුදුරුවෝ කියපු කතාව

colombotoday

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday