Colombo Today Local News

දෙමාපිය අවධානෙන් ගිලිහුණු මස්කෙළියේ සිඟිත්තෙක් ගොම පිරවූ වළකට ඇද වැටී මිය යයි

වයස අවරුදු දෙක හමාරක සිඟිති දරුවෙක් තම නිවස අසල පිහිටි ගොම පිරවූ වළකට ඇද වැටී මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ඩනටා කොටසේ පදිංචිව සිටි ජේසුන්දරන් සුලක්ෂන් නැමති පිරිමි දරුවෙකි.

දරුවා නිවසට පිටුපසින් පිහිටි ගව ගාල අසල ඇති ගොම පිරවු අඩි 03ක් පමණ ගැඹුරැති වළකට වැටී තිබිය දී ගොඩගෙන මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත පෙරේදා (28)දින සවස 05.30 ට පමණ ඇතලත් කර ඇත.

මිය ගිය දරුවාට වැඩිමහල් සොහොයුරියක් ද සිටින අතර වතු කම්කරුවෙක් වන පියා නිසට පැමිණ දරුවා නොමැති බැවින් සොයා බලද්දී නිවස අසල ගොම වළට වැටී සිටියදී සොයාගත් බව දරුවාගේ පියා මස්කෙළිය පොලීසියට පවසා ඇත.

මව සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවත් ඇය වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරන බවත් පොලීසිය සඳහන් කරයි.

රෝහල වෙත ඇතුළත් කරන විටත් දරුවා මිය ගොස් සිටි බව මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරු පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29)දින දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණ.

Related posts

කොවිඩ් කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්ව යයි

colombotoday

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

රාජපක්ෂ යුගයේ බැදුම්කර ගනුදෙනු නිසා රජයට බිලියන දහදාහක් ගෙවන්න වෙලා – අගමැති

colombotoday

“අගමැති කියන්නෙ බොරු.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට අපි කිසිසේත්ම එකග නෑ” – සුමන්තිරන්

colombotoday

ජෝන් එක්ක බෑ.. මන්ත්‍රිනී රෝස් එජාපයේ සියළු තනතුරුවලින් ඉවත් වෙයි

colombotoday

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday