Covid 19

නිරෝධායන රීති කඩමින් දන්සලෙන් කෑ නවයකට කොවිඩ්

අනුරාධපුර කහටගස්දිගිලිය මෙරගහවෙල කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක් මුල් කර ගනිමින් පැවැත් වූ දන්සලකට එක් වූ නව දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පොසොන් පොහෝදා (24)දින එම ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මුලිකවී දිවුලපිටියේ සිට පැමිණි බව කියන පුද්ගලයන් සිව් දෙනකු සම්බන්ධකරගෙන ගම්වාසීන් සඳහා දන්සැලක් පවත්වා තිබේ.

එම දන්සලෙන් ගමේ සියලු දෙනාම පාහේ ආහාර අනුභව කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න මහතා සඳහන් කරයි.

ආසාදිතයින් වාර්තා වීමත් සමඟ එම ගම්මානය වසා දැමීමට කටයුතු කළ බව කහටගස්දිගිලය මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

ගමේ විහාරස්ථානයේ වැඩවසන හිමියන්ද ඇතුළුව එම ගමේ සියලුම පවුල් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

පුඩළුඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවක 69කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

colombotoday

අද සමස්ත ආසාදිතයින් ගණන 1,509ක්

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

බස්නාහිරින් නුවරඑලියට ආ 15 ක් නිරෝධායනයට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 172ක් හදුනා ගනී

colombotoday