Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුන් බලපත්‍රයෙන් දෙදෙනෙක් හෙරොයින් ප්‍රවාහනය කරලා

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන සඳහා නිකුත් කළ බලපත්‍රයක් යොදා ගනිමින් හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු මැදිරිගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කැබ් රථය නාරාහේන්පිටට පැමිණ මැදිරිගිරියට යන අවස්ථාවේදී මැදිරිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 3 ක් පොලීසිය භාරයට ගෙන ති‌බේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කොළඹ මැනිං පොළේ සිට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා යැයි පවසමින් මොවුන් මැදිරිගිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් එම බලපත්‍රය ලබා ගෙන ඇති බවයි.

මොවුන් මීට පෙර ද මෙලෙස හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවත් අද අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Related posts

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

colombotoday

ඇප නොලැබෙයි.. මුසම්මිල් නැවතත් ඇතුළට !

colombotoday

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday

“ආදායම් වැඩිකරගෙන.. වියදම් පාලනය කරලා“ අයවැය ගැන හෙළ උරුමයේ මතය කියයි (VIDEO)

colombotoday

කොළඹ එජාප මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක්

colombotoday