Colombo Today Local News

අසේල සම්පත් අද අධිකරණයට. “මල්ලිට පහර දුන්නා” දියණිය කියයි. “නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක කියයි.

අත්අඩංගුවට ගත් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ අසේල සම්පත් අද (26) දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාසඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඇස්ට්‍රා සේනිකා එන්නත බාල කර ජනතාවට ලබා දීමේ උත්සහයක් තිබෙන බවට අසේල සම්පත් විසින් සිදුකල ප්‍රකාශයකට අනුව එන්නත්කරණයට සහ නිරෝධායනයට බාදාවක් සිදුවන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යධිකාරී වරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (25) පිළියන්දල ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

නිරෝධායනය සහ රෝග වැළක්වීමේ පනතේ සහ දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අජිත් රෝහණ මහතා පැවසීය.

“මල්ලිට පහර දුන්නා” දියණිය කියයි.

මේ අතර ඊයේ අසේල සම්පත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිය සොහොයුරාට පොලීසිය පහර දුන් බව අසේල සම්පත් මහතාගේ දියණිය මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකල අතර ඒ පිළිබඳව තමන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල බවත් සඳහන් කරන ලදි.

“නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක.

සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙන බවත් දැන් පැවසෙන්නේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට තමන් කැපවෙන බවත් ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේම නීතිමය සහය ලබා දෙන බවත් මෙම සිද්ධිය පිළිබඳව Facebook සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

Related posts

වකුගඩු රෝග නිවාරණය කෘෂි සමාගම් අතට.. වසවිස විරෝධීන් උද්ඝෝෂණයේ

colombotoday

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

Admin