Colombo Today Local News

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමග එක්ව ලුණු මිල ඊයේ (01)දින සිට ඉදිරි වසරක කාලයක් සඳහා පහත හෙළන බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

ඒ අනුව කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් හතළිස් තුනකටද, ලුණු කුඩු ග්‍රෑම් හාරසියයක් රුපියල් තිස් පහක මිලකටත් සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව ද ඇමැතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙරට පරිභෝජනයට අවශ්‍ය ධාරිතාවට වඩා අතිරික්ත ලුණු ප්‍රමාණයක් හා පරිභෝජනයට සුදුසු ලුණු නිෂ්පාදන ක්‍රියාවලියක් පවතින වාතාවරණයකදී විවිධ පාර්ශ්වයන් ගෙනයන මතවාදයන්ගේ කිසිදු සත්‍යතාවක් නැති බව ද වෙළෙඳ ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කිසිදු හිඟයකින් තොරව ඉදිරි වසරක් සඳහා මෙරට පරිභෝජනයට අවශ්‍ය ලුණු පවතින බවත් හෙතෙම කීවේය.

මීට අමතරව තවත් වසරක් සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය වන මුහුදු ජලය ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාජනය කෙරෙමින් පවතින බවද එය අවම වශයෙන් මාස 06ක් ඉක්මවන ක්‍රියාවලියක් බවද ඇමැතිවරයා කීය.

Related posts

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday

ජාතියේ උරුමය රැක දිය හැකි නායකයෙකු ජනාධිපති ධූරයට පත්කරගන්න – එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday