Colombo Today Local News

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට 2,500ක නිශ්චිත මාසික දීමනාවක්

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ඒ බව ලිපියකින් දන්වා තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ, ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2,500ක නිශ්චිත දීමනාවක් ගෙවීම 2021 ජුනි 01 වනදා සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව අදාළ ප්‍රතිපාදන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එම ලිපියෙන් ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇත.

Related posts

සිසු සැරිය බස් සේවාවට අද සිට අලුතින් බස් 20ක්

colombotoday

රනිල් සල්ලිවලට 113 හැදුවා – පාර්ලිමේන්තුව විසුරුවාහැරි හේතුව විමල් කියයි…

colombotoday

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday