Colombo Today Local News

උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට කිසිදු හානියක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පාසල් සිසුවෙකු විභාග දෙපාර්තමේන්තු නිල වෙබි අඩවියට අනවසරයෙන් ඇතුළු වී ප්‍රතිඵල වෙනස් කර ඇතැයි පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

අදාළ සිසුවා දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රතිඵල දත්ත ලබා ගෙන ඔහුගේ වෙබ් අඩවියකින් ප්‍රතිඵල පළ කිරීමට උත්සහ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ETCA අත්සන් කරන්න යන නිලධාරීන්ට අනතුරු ඇගවීමක්

colombotoday

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

අද ඩොලරයේ අගය මෙන්න

Admin

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

මොරටුව නගරාධිපතිගේ නිවසට ගිනි තියයි

colombotoday