Colombo Today Local News

51 වන මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමට සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේය.

ලබන(11) සහ (12) ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමේ අරමුණින් තමන් ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් ජිනීවා නුවර බලා පිටත්ව ගිය බව ජයවර්ධන මහතා සඳහන් කළේය.

මේ සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාත් තමන් සමග එක්ව සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් ඔහු එහිදී කීය.

රටේ මානව හිමිකම් පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් මානව හිමිකම් කවුන්සලයේ මෙවර වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ජයවර්ධන මහතා සදහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව වසර තුනකට අධික කාලයක් ඉක්මවා ගියත් එම ජනතාවට සාධාරණත්වයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ද වාර්තාවේ කරුණු සඳහන්ව ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

මෙවර මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සැසිවාරයක් බැවින් තමන් ඇතුළු නියෝජිත පිරිස සහභාගී වන බවත් ඔහු තවදුරටත් සදහන් කළේය.

Related posts

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

colombotoday

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

colombotoday

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday

ඕන කුදයක් ගහගන්නැයි කියා බැදුම්කර මගඩියේ එකම චූදිතයා රටින් පිටවේ !

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday