Colombo Today Local News

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

නිරන්තරයෙන් වන අලින්ගෙන් පීඩා විදින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොකුණුගල ගම්මානයේ අද(30) උදෑසන 6.30 ට පමණ තම දරුවාගේ පාසලේ පංතිකාමරය පිරිසිදු කිරීමට තම ත්‍රීරෝද රථයෙන් කාන්තාවක් පාසලට යමින් සිට ඇත. ඒ අවස්ථාවේදී තම නිවස ඉදිරිපිට මාර්ගය ඉදිරියෙන් පැමිණි වන අලියෙකු රථයට පහර දී ඇත.

අදාළ කාන්තාව වහා නිවස වෙත දිව ගොස් දිවි බේරාගෙන ඇත.

දීර්ග කාලයක සිට සිදුවන ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුමට නිසි විසදුමක් ලබා නොදුනහොත් අහිංසක ජීවීත රැසක් බිලි ගනු ඇත.

ප්‍රදේශයේ ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වන අලි ගම් වැදීම නවතා තම ජීවිත ආරක්ෂා කර දෙන ලෙසයි.

බකමුණ – මදුශංක.

Related posts

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

බුද්ධි තොරතුරු මත සිදුකළ මෙහෙයුමකින් මිලියන 20ක් වටිනා කේරළ ගංජා ඇතුළු කහ තොගයක් අත්අඩංගුවේ

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

ලක්ෂ 70ක කුඩුත් එක්ක පාකිස්ථානුවා ගුවන්තොටුපළේදී මාට්ටු !

colombotoday