Colombo Today Local News

දොස්තරලා හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.. මූලික වැටුපට අත නොතබනු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරන්නට යන වැඩ වර්ජනය රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහල දැමීමට එරෙහි ඇණයක් යයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

රුපියල් 10,000ක් මූලික වැටුපට එක් කිරීමෙන් කම්කරු හා විධායක ශ්‍රේණින් අතර පවතින වැටුප් පරතරය වූ 14 වෙනස් වන බවත් එය තිබිය යුත්තේ 112 අනුපාතයට බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පැවති මාධ්‍ය හමුවේදී කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙස රත්නප‍්‍රිය මහතා එසේ කියා සිටියේය.

මේ වන විටත් වෛද්‍යවරයෙකු මාසිකව සියලූ මාසික දීමනා සහිතව 124,000ක්ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකු 140,000කටත් වඩා ලබා ගන්නා බවද කී ඔහු වෛද්‍ය සංගමය තම බඩ ගැන පමණක් සිතීම හෙළාදකින බවද, මූලික වැටුප් වැඩිවීමට අත නොතියන්නැයි ඔවුනට අවධාරණය කරන බවද සඳහන් කලේය.

Related posts

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !

colombotoday