Colombo Today Local News

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් පසුගියදා කොළඹ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී කොළඹ මහ නගර සභාවට රුපියල් ලක්ෂ 209 ක බදු ආදායමක් අහිමිවී ඇති බව එහි නිලධාරීන් චෝදනා කරයි. මෙය මෑත කාලයේ සිදුවූ විශාලතම විනෝදාත්මක බදු වංචාව බවද ඔවුන් විසින් පෙන්වා දෙනවා.

කොළඹ මහා නගර සභාවේ නිල මුද්‍රාව නොමැතිව එහි සංවිධාකයන් විසින් ටිකට් පත් අලෙවි කොට ඇති බවත් එවැනි ටිකට් පත් රාශියක් මහ නගර සභාව විසින් සිදුකල විමර්ශනයකදී ඔවුන්ගේ බාරයට ගෙන තිබේ. මෙවැනි ප්‍රසංගයක් කිරීමට ප්‍රථම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත යුතු නමුත් මෙම උත්සවයේ සංවිධායකයන් විසින් එවන් කිසිදු අවසරයකින් තොරව CR&FC භූමියේ ප්‍රසංගය පැවත්වීමට කටයුතු යොදා තිබේ.

කොළඹ මහ නගර සභාව විසින් සිදුකළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ රුපියල් 35000 ටිකට්පත් මිලදී ගත පුදගලයන් 5000 ක් පමණ එම සංගීත සංදර්ශනයට සහභාගී වී ඇති බවයි. කොළඹ මහ නගර සභාව විසින් මෙම බදු වංචාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

Neth FM

Related posts

සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක් ගනී

Admin

‘ආර්ථිකය අවධානමේ බරපතලකම’ IMF ජනපතිට කියයි

Admin

පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට මම නෑ – ජනපති

Admin

පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය ගැන නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණයි.. – පොලිස්පතිගෙන් උපදෙස්

Admin

කොරෝනා වෛරසය ආසාදිතයින් 1045 ක් දක්වා ඉහලට

colombotoday

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

colombotoday