Colombo Today Local News

ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් කුඩ්ඩෙක් අත්අඩංගුවට

යතුරු පැදි දෙකක් පාපැදි පහක් ඇතුලු රුපියල් ගණනක් වටිනා ගෟහ උපකරණ රැසක් සොරකම් කර පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු බුලත්සිංහල මොරවකවත්ත කැලෑවේ වාඩියක සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල පරගොඩ මෝල්කාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණවූ දෙදරු පියෙකි.

මොහු කළක් සමාජයේ හොඳ පුද්ගලයකු වශයෙන් ජීවත්වී ඇති අතර පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම සොරකම් සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

ඔහු විසින් සොරකම් කර ඇති භාණ්ඩ අතර යතුරු පැදි දෙකක්, පාපැදි පහක්, කොම්පෙෂර් එකක්, වතුර මෝටරයක්, ත්‍රිරෝද රථ බැටරියක්, ගෑස් සිලින්ඩර දෙකක් සහ දුම්ගැසූ රබර් සීට් තොගයක් වන අතර ඔහු විසින් එම භාණ්ඩ බදුරලිය ප්‍රදේශයට උගස් කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

Related posts

මව්බිමේ රොත්තක් බැදුම්කර මාධ්‍ය ජාලයට.. රනිල් 2020 ජනපති කරවන මාධ්‍ය මෙහෙයුම ඇරඹෙයි

colombotoday

අජිත් රෝහණගේ තනතුර SSP නිහාල් තල්දූවට

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

තුෂාරට පරාජයේ දුක දරාගන්න බැරිවෙලා

Admin

සිනමා ශාලා වසාදැමේ

colombotoday