Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන ‘යුනිසෙෆ්’ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි.

මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව යුනිසෙෆ් සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ සඳහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඔවුන් එක් එක් රටවල සඳහා විවිධ වසරවල (1995 සිට 2019) කාල පරාසය තුළ සිදුකර ඇති සමීක්‍ෂණවල දත්ත සංසන්දනය කර ශ්‍රී ලංකාව සඳහා 2016 වසරේ කරන ලද ජනවිiාත්මක සහ සෞඛ්‍ය සමීක්‍ෂණ දත්ත එනම් කෘෂ බව 15% සැලකිල්ලට ගෙන ඇත.

නමුත් 2021 අග භාගයේ වෛද්‍ය පර්යේෂණ ආයතන මගින් සිදුකරන ලද ජාතික මට්ටමේ සමීක්‍ෂණයට අනුව දරුවන්ගේ කෘෂ බව සියයට 13.2 දක්වා අඩු වී ඇති බවත් එය වර්තමානය වන විට 12.1 දක්වා අඩු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්‍ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි.

එමෙන්ම වෙනත් රටවල මෙන් නොව කෘෂ බව සමඟ දරුවන් මරණයට පත්වීමේ සහ රෝගවලට බඳුන්වීමේ අවදානමක් මෙරට දක්නට නොලැබෙන බවත් හෙතෙම පැවසීය. තවද මැරමස්, ක්වොශියොකොර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන් ද දක්නට නොලැබෙන බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

Related posts

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

colombotoday

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday