Colombo Today Local News

දිස්ත්‍රික්ක 8 කට නායයෑමේ අනතුරු ඇඟවීම්… කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ…

කැලණි ගඟ තවදුරටත් සුළු ගංවතුර මට්ටමට ළඟා වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි ගඟ පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතුයි.

මහඔය, අත්තනගළු ඔය, කළු, නිල්වලා සහ ගිං ගංගා පිළිබඳව ද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද අලුයම 5.30 වන විට දිවයිනේ වැඩිම වර්ෂාපතනය බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 206 කි.

ඊයේ (05) උදෑසන 8.30 සිට අද අලුයම 5.30 දක්වා කාලය තුළ ස්වයංක්‍රිය වර්ෂාමානවල දත්ත අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතය මිලිමීටර් 109.5 කි.

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 8 කට නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා එම නිවේදන නිකුත් කළ බවයි.

පැවති වැසි තත්ත්වයේ අඩු වීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල රළු ස්වභාවයක් පැවතිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රිතිකා ජයකොඩි මහත්මිය ප්‍රකාශ කළා ය.

Related posts

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

සියළුම මන්ත්‍රීන්ට ලක්ෂයක කාර්යාල දීමනාවක්.. පරිපූරකය පාර්ලිමේන්තුවට !

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

colombotoday