තවත් සයිනෝෆාම් එන්නත් මාත්රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද(09)දින අලුයම කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය.
ඒ, රජය විසින් ඇණවුම් කළ එන්නත් තොගයේ තවත් කොටසක් ලෙසය.
ජනාධිපති උපදේශක ලලිත් විරතුංග මහතා සඳහන් කළේ, මේ මාසය තුළ එන්නත් මිලියන 03 ක් දිවයිනට ලැබීමට නියමිත බවය.
මේ වසර අවසන් වීමට පෙර එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති ජනගහණයෙන් 65% කට හෝ 70% කට එන්නත් ලබා දෙන බව ද ඔහු පැවසීය.