ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන බල පෙරළිය මෙම වසරේ ලොව සිදුවූ වැදගත්ම සිදුවීම් අතර විශේෂම සිදුවීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පවසයි.
ජගත් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ 2015 වර්ෂයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ 16 වැනිදා පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාව මේ වන විට ඉතා යහපත් දේශපාලන වාතාවරණයක් සහිත රටක් බවට පත්වෙමින් සිටින බවද එය ඉතා යහපත් ලක්ෂණයක් බවද ජගත් ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.