Colombo Today Local News

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

secret meetingකෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට නොදන්වා අගමැතිවරයා විසින් පොහොර සමාගම් සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

සුප්‍රකට කෘෂි රසායන සමාගමකට අයත් කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුවන කැඩ්මියම් අධිසාන්ද්‍රනය සහිත පොහොර තොගයක් ගබඩාකර තිබූ පෑලියගොඩ පොහොර ගබඩාවක් මුද්‍රා තැබීමට කෘෂිකර්ම ඇමතිවරයා විසින් පියවර ගෙන තිබුණු අතර මෙරට තුළ ක්‍රියාත්මක වන පොහොර මාෆියාවට වැට බැදීම සදහා ද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබිණි.

එවන් පසුබිමක් තුළ පොහොර සමාගම් නියෝජිතයන් විශයභාර ඇමතිවරයාටත් නොදන්වා හොර රහසේ අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීම පිළිබදව සැකයක් මතුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් දුමින්ද දිසානායක ඇමතිවරයා දැඩි විමතියට සහ කළකිරීමට පත්ව සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

දේශපාලන ආචාර ධර්ම පිලිබදව තැකීමක් නොකර අමාත්‍යංශ ක්‍රියාකාරකම් සදහා අගමැතිවරයා දක්වන මැදිහත්වීම් පසුගිය මාස කිහිපය තුල අමාත්‍යවරුන්ගේ කනස්සල්ලට හේතු වී තිබුණි. ආණ්ඩුව තුල මෛත්‍රී වාදීන්, රනිල් වාදීන්, සජිත් වාදීන් ආදී ලෙස බිහිවී සිටින කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වීමට මෙම තත්වය ද බෙහෙවින් බලපා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

මහබැංකුව බින්දේ අගමැති අනුග්‍රහයෙන්.. “රාජපක්ෂ ණය“ කියා රට රැවටුවත්, බඩු මිළ වැඩිවුණේ බැදුම්කර හොරු නිසයි

colombotoday