අපවත්වී සිටි මන්නාරම , මඩු ශ්රී බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පන්නිපිටියේ ජිනරතන හිමියන්ගේ දේහය එහි කාමරයක් තුළින් අද පොලීසිය සොයාගෙන තිබෙනවා.
දානය රැගෙන පන්සලට ගිය දායකයන් මේ බව පොලීසියට දන්වා ඇති අතර අනතුරුවයි උන්වහන්සේගේ සිරුර සොයාගෙන තිබුණේ.
ඒ අසල සිවුර හැලී ගොස් තිබූ අතර, අවට ප්රදේශයේ දම් පැහැති දියරයක් විසිරී තිබූ බවද පොලීසිය සඳහන් කළා.