Colombo Today Local News

හෙට රට පුරා සත්වෝද්‍යානවලට ඇතුළුවීම නොමිලේ… විස්කෝතු – අයිස්ක්‍රීම් දරුවන්ට නොමිලේ

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01)දින සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුළු වීමට හැකි බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම දිනය සමරමින් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වී විනෝද වීමට අවස්ථාව සළසන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

ඒ අනුව සියලුම සත්වෝද්‍යානවලට දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලයේ ඇතුල් වීමට අවස්ථාව ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

එමෙන්ම මෙම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති අතර දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.

සත්වෝද්‍යාන වෙත පැමිණෙන දරුවන්ට විස්කෝතු වර්ග හා අයිස්ක්‍රීම් නොමිලයේ ලබා දීමට ද අනුග්‍රාහක ආයතන රැසක් මෙවර ඉදිරිපත්ව සිටින බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

කොවිඩ් අසාදනයෙන් මියගිය බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය

colombotoday

රට දැය සමය වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන්ගෙන් ඉල්ලීම් හතක්…. ගෝඨාභය සාදුකාර දී පිළිගනිති !

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

ජොනීට එරෙහි අල්ලස් නඩුව – ලිඛිත දේශනා ඉදිරිපත් කිරිමට නියෝග

colombotoday