World

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ‘දාස්ත් ඊ බර්චී’ නමැති පළාතේ ෂියා මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 29දෙනෙකු තුවාල ලබා විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇෆ්ගන් රජය පවසා ඇත්තේ, තුවාල ලැබූවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ තව තවත් ඉහළ යා හැකි බවත්ය.

‘දාස්ත් ඊ බර්චී’ යනු කාබුල් අගනුවර, හසාරා, නමින් හැඳින්වෙන, ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන පළාතකි. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදී සාමාජිකයන් යැයි අනුමාන කෙරේ.

බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පාසලේ විභාගයක් පැවැත්වෙමින් තිබී ඇත.

Related posts

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

බංග්ලාදේශයේ හින්දු ආගමික උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday