Colombo Today Local News

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

මහනුවර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හා අධිකරණ කටයුතුවලට සම්බන්ධවන සැරයන්වරු දෙදෙනකු හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කිරීමට මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශයෙන් නොලැබෙන බවට ලද පැමිණිලි මත අදාළ තීරණය ගෙන තිබෙන බව දැන ගන්නට ඇත.

හතළිහකට ආසන්න මාරු කළ පිරිස අතර පොලිස් පරීක්ෂකවරයකු හා උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනකු සිටිති.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මෑතක එම අංශයට පැමිණ තිබෙන අතර එය සැලකිල්ලට ගනිමින් ඔහු මාරු කළ කණ්ඩායමට ඇතුළත් කර නැත.

අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන් දෙදෙනා මාරු කිරීමෙන් එම වැඩකටයුතුවලට බාධා ඇතිවන බැවින් තාවකාලිකව ඔවුන් දෙදෙනාද විවිධ පැමිණිලි අංශයේම සේවය සඳහා යොදවා තිබේ.

Related posts

ෆවුසිටත් ඇමති ධූරයක්

colombotoday

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

colombotoday

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday