Colombo Today Local News

බැංකු අද වැඩ නෑ… බැංකු සේවකයෝ 30,000ක් අද වර්ජනයේ

bnk strike

අග්‍රමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති අද 15 දිනයේ සිදුකිරීමට සැලසුම් කළ වැඩවර්ජනය නතර කළද, අගමැතිවරයාගේ ප්‍රකාශය තුළ අයවැයේ ඇති බැංකු ක්ෂේත්‍රයට අහිතකරදායක යෝජනා සම්බන්ධයෙන් සාධනීය විසදුමක් ලබා දී නොමැති බවැවින් තම සංගමය වැඩවර්ජනයක් දියත් කරන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

අද උදෑසන 7.00 සිට වැඩවර්ජනය දියත් කරන බවත්, ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 20 ක සේවකයන් 30,000 ක් සහභාගී වන බවත් එම සංගමයේ විධායක සභික කේශර කොට්ටේගොඩ මහතා සඳහන් කළේය.

මේ අතර ලංකා බැංකු සේවක සංගමය අද සිදුකිරීමට නියමිත වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ, මෙම වැඩවර්ජනය සඳහා බැංකු සේවකයින් බලහත්කාරයෙන් සහභාගි කරවා ගැනීම වළක්වාලමින්.

Related posts

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

colombotoday

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

colombotoday

බංග්ලාදේශය ගත්ත ණය ගෙවීම ගැන මහබැංකු අධිපතිට මතක් කරයි

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday