Colombo Today Local News

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

වන අලි වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවල දී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් එම ගම්මානවල ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි.

වන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14ක්.

මේ සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

මිනිස් – වන අලි ගැටුම සමතයකට පත් කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග තාවකාලික ක්‍රියාමාර්ග වන අතර ඒවායින් ස්ථිර විසදුමක් මෙතෙක් නැහැ.

විශේෂයෙන් අලින්ගේ වාසස්ථාන පිහිටි කැළෑ ඉඩම්වල මිනිසුන් පදිංචිවීමත්, වගාව සදහා යොදා ගැනීමත් මෙන්ම වනබිම්වලට ගවයින් මුදා හැරීම නිසා වන අලින්ට අවශ්‍ය ආහාර පාන හිඟවීමත් වන අලින් ගම්වැදීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

එහිදී අදහස් පළ කළ වනජීවි දෙපාර්මේන්තුවේ නිලධාරිහු වාර්ෂිකව අලි වෙඩි විශාල වශයෙන් අවශ්‍ය වන බවත්, ඒ සඳහා රජයේ මුදල්වලින් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි ද අවධාරණය කළා.

ගම්වලට වන අලින් ගම්වැදුනු අවස්ථාවල එම ගම්වල ජනතාව වනජීවි නිලධාරින්ට දැනුම් දුන්නත්, මේ වනවිට පවතින ඉන්දන සීමාවන් නිසා ඇතැම් අවස්ථාවල වනජීවි නිලධාරින්ට නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ද මතුව ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළා.

දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු විය හැකි බව ද ඔවුන් අවධාරණය කළා.

Related posts

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

colombotoday

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

colombotoday