ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27)දින ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවසන් ගෞරව දක්වා තිබේ.
එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක් වුණි.
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති කමලා හැරිස් ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් රැසක් ද අවමංගල්‍ය උත්සවයට එක්ව සිටියහ.