රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන එම පාසලේ ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බවයි.
වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.