යාපනය විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිදරන් තනකේෂ්වරන් සිසුවා අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය භාර වී තිබෙනවා.
ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ. සුමන්දිරන් සමග පැමිණි ඔහු මෙසේ අධිකරණයට භාරවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙන අතර නඩුව ලබන 25 වනදා යළි කැදවීමට නියමිතය.
පසුගියදා සිංහල සිසුන්ට එල්ලකළ ප්‍රහාරයට තනකේෂ්වරන් සෘජුවම සම්බන්ධ බවට හෙළිව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ ඉඩකඩ ඇති බැවින් මෙසේ භාරවී තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.
ශිෂ්‍ය සංගම් සභාපතිගේ කොටි සැමරැම්