පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇති පුවතක් ගල්කිස්ස ප්රදේශයෙන් වාර්තතා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි 70 හැවිරිදි දෙදරු පියෙකි.
ඝාතනයට ලක් වූ පියා අංශභාගය රෝගය වැළඳී ඇඳ මත සිට ඇති අතර පුත්රයා හිසට පහරදීමෙන් ඔහු ඇඳ මතම මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පුත්රයාව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.