බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් අද (23)දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
ඒ සඳහා අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනු ඇත.
ඊට අමතරව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනාව ද අදත් විවාදයට ගැනීමට නියමිත වේ.
අතුකෝරල මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව මීට පෙරද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.